GLOCAL 2022 – Press Article 6
දකුණෙන් ඇරැඹූ Glocal Fair ජංගම චාරිකාවේ දෙවැනි පියවර උතුරට ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන් අරඹන ලද අති සාර්ථක Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනෙහි දෙවැනි පියවර උතුරු පළාතට රැගෙනයෑමට මේ වනවිටත් කටයුතු සැලසුම් කෙරෙමින් පවතී. ජනතා සේවය උදෙසා දිවයින පුරා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පුළුල් වැඩසටහන් මාලාවක් වන Glocal Fair ක්‍රමානුකූලව පළාතෙන් පළාතට රැගෙන යමින් සමස්ත ජන ප්රජාවන්ගේ සුබසිද්ධිය උදාකරලීම සිය අරමුණ බව මේ පිළිබඳව අදහස් දක්වන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා පවසයි. එතුමන්ගේ සංකල්පයකට අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා අනුබද්ධ ආයතන මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විදේශ සේවා නියෝජිත ආයතන රැසක් ඒකාබද්ධව දියත් කළ මෙම ජංගම වැඩසටහන මගින් මෙවැනි අතිශයින් අභියෝගාත්මක කාල වකවානුවක ජනතාවට විවිධ අයුරින් සහාය ලබාදිය හැකි වනු ඇත. දකුණෙන් උතුරට ගමන් කරන Glocal Fair දෙවැනි පියවර ඔස්සේද යාපනය ඇතුළු උතුරුකරයේ වෙසෙන විශාල පිරිසකගේ දිවිගමනට අත්වැල සැපයීමට අපේක්ෂිතය. ‘ජීවිතයට සරු මඟක්’ යන තේමාව සහිතව දකුණු ලක ගාලු පුරයෙන් ගමන් ඇරඹූ Glocal Fair ජංගම වැඩසටහන උතුරු පුරයේ යාපනය වෙත රැගෙන යෑමට සැලසුම් කරනු ලැබ ඇත්තේ ‘උතුරට කලඑළියක්’ යන නව තේමාව යටතේය. Glocal Fair 2023 සමාරම්භක ව්‍යාපෘතිය එළැඹෙන පෙබරවාරි 25 සහ 26 දෙදින යාපනය ඓතිහාසික කොටු පවුරු දොරටුව අභියස දී පැවැත්වෙන බවත්, උතුරේ තරුණ තරුණියන් දෙස් විදෙස් රැකියා ගතකිරීම සේ ම ජනතාව මුහුණ දෙන ගැටලු එකම වහළක් යටදී විසඳාදීමට කටයුතු කිරීම එහි අපේක්ෂාව බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යාපනයේ දී පැවසීය. Glocal Fair 2023 සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවකට යාපනයේ දී එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේ ය. “දකුණේ අත්හදා බැලීමක් විදියට කරපු Glocal Fair 2022 නියමු ව්‍යාපෘතියෙන් පසු ග්ලෝකල් ෆෙයා 2023 පළමු ව්‍යාපෘතිය යාපනයෙන් ආරම්භ කරනවා. උතුර දකුණ එකට යා වෙන්න ඕනෑ කියන එක අපි හැමෝගෙම පැතුම වුණත් උතුරේ තරුණ තරුණියන්ටත් ජනතාවටත් බොහෝ දේ අහිමියි. මම මගේ උපන් ප්‍රදේශය ගැන හිතන්නේ කොයි ආකාරයට ද, යාපනය ගැන, උතුර ගැන මගේ හැගීමත් ඒකමයි. ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ආකල්පයත් ඒකමයි.” යාපනය සහ අවට ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු සඳහා කඩිනම් විසඳුම් සහ වෘත්තීය පුහුණු සැසි ඇතුළු විවිධ සේවාවන් සහ පහසුකම් රැසක් ලබාදීමේ අරමුණ ඇතිව 2023 වසරේ මුල් කාර්තුව තුළ උතුරු පළාතේ පැවැත්වීමට අපේක්ෂිත Glocal Fair 2023 සමඟ එක්ව එයින් නිසි ඵල නෙළාගැනීමට උතුරුකරයේ සැමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ දැනුම, අවබෝධය සහ මාර්ගෝපදේශයන් ලබාදෙන අතරම රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවද යාපනයේ පැවැත්වෙන Glocal Fair 2023 වැඩසටහනට සහභාගි වන සැමට හැකි වනු ඇත. මැදපෙරදිග, ජපානය, කොරියාව සහ ඊශ්‍රායලය ඇතුළු ලොව පුරා විවිධ රටවල විදේශ රැකියා පිළිබඳ තොරතුරු මෙම වැඩසටහනට සහභාගි වූවන්ට ලබාගත හැකිය. ඒ සමඟම විදෙස් රැකියා සදහා සුදුසුකම් සැපිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා තොරතුරු, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛන සත්‍යාපන කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශන සේවා, සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු, පැමිණිලි සහ අනෙකුත් සියලු පහසුකම් සලසා ගැනීම, මහ බැංකුවේ සාමාජික ගිණුම් සම්බන්ධ සියලු සේවාවන් ඇතුළු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සියලු සේවාවන් මෙහිදී ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.
GLOCAL 2022 – Press Article 5
Glocal Fair 2022 සාර්ථක කරගැනීමට දායක වූ සැමට තුති පිදෙයි දකුණු ලක ගාලු පුරයේ සහ අවට ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු සඳහා කඩිනම් විසඳුම් සහ වෘත්තීය පුහුණු සැසි ඇතුළු විවිධ සේවාවන් සහ පහසුකම් රැසක් ලබාදීමේ අරමුණ ඇතිව 2022 ඔක්තෝබර් 15 සහ 16 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවති Glocal Fair 2022 ඉතා ඵලදායී අයුරින් නිමාවිය. ඒ සඳහා සහාය ලබාදුන් සැමට ස්තුතිවන්ත වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා පැවසීය. ජනතා සේවය උදෙසා රට පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත Glocal Fair ජංගම සේවයේ ආරම්භක පියවර මෙසේ සාර්ථක කරගැනීමට හැකිවූයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන මෙන්ම විදෙස් රැකියා නියෝජිත ආයතන ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක දායකත්වය නිසා බවත්, ඔවුන් සියලුදෙනාට ජනතාව වෙනුවෙන් සිය ස්තුතිය පුදකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන්ම, බොහෝ පිරිසකගේ විදෙස් රැකියා සිහින සැබෑකර ගැනීමට අවස්ථාව සැලසීම පිණිස විදෙස් රැකියා නියෝජිත ආයතන ලබාදුන් සහාය ඉතා වැදගත් බවද සඳහන් කළ අමාත්‍යවරයා විදෙස් රැකියා පිළිබඳ බොහෝ අය තුළ පැවති අනවබෝධය දුරුකිරීමට එම ආයතන විසින් ලබාදුන් තොරතුරු සහ උපදෙස් උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවසීය. දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ දැනුම, අවබෝධය සහ මාර්ගෝපදේශයන් ලබාදෙන අතරම රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවද ගාල්ලේ පැවති Glocal Fair 2022 වැඩසටහනට සහභාගි වූ විශාල පිරිසකට ලැබිණි. මැදපෙරදිග රටවල මෙන්ම ලොව පුරා වෙනත් රටවලද විදෙස් රැකියා අවස්ථා සඳහා ඉදිරිපත්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම විදෙස් රැකියා නියෝජිත ආයතන මගින් ජනතාවට ලබාදෙනු ලැබිණි. එයට අමතරව ජපන්, කොරියානු සහ ඊශ්‍රායල් විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරුද Glocal Fair 2022 වැඩසටහනට සහභාගි වූවන්ට ලබාගත හැකි විය. ඒ සමඟම විදෙස් රැකියා සදහා සුදුසුකම් සැපිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා තොරතුරු, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛන සත්‍යාපන කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශන සේවා, සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු, පැමිණිලි සහ අනෙකුත් සියලු පහසුකම් සලසා ගැනීම, මහ බැංකුවේ සාමාජික ගිණුම් සම්බන්ධ සියලු සේවාවන් ඇතුළු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සියලු සේවාවන් මෙහිදී පිරිනැමිණි. ‘ජීවිතයට සරු මඟක්’ යන තේමාව යටතේ Glocal Fair 2022 ප්‍රථම පියවර මෙසේ සාර්ථකව අවසන් වීමත් සමඟ මෙම ජංගම වැඩසටහන රට පුරා රැගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙනු ඇත. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි Glocal Fair ජංගම වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යෑමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා අනුබද්ධ ආයතන කටයුතු කරනු ඇත. Glocal Fair 2022 අතිසාර්ථකව පැවැත්වීමට සහාය ලබාදුන් සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම විවිධ අයුරින් සවිය ලබාදුන් අනුග්‍රාහක භවතුන් සහ සහභාගි වූ ජනතාවටද අමාත්‍යවරයා සිය ස්තුතිය පළකර සිටියේය.
GLOCAL 2022 – Press Article 4
Glocal Fair 2022 ආරම්භක දිනය අතිසාර්ථකව පැවැත්වෙයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව සැලසුම් කරන ලදුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් 15 වැනිදා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී ආරම්භ කරන ලද Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන ගාල්ල සහ අවට ප්‍රදේශවාසී ජනතාවගේ ඉහළම පැසසුමට පාත්රවිය. දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු ආශ්රිත සේවා සහ උපදෙස් මෙන්ම වෘත්තීය පුහුණු හා රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන අවස්ථා ඇතුළු සේවාවන් රැසක් ලබාගැනීමේ පහසුව සැමට සලසමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන බොහෝ පිරිසකගේ අනාගත රැකියා සිහින සැබෑ කිරීමට උපකාරී වනු ඇති බව ඔවුහු පැවසූහ. ඔවුන් පෙන්වාදුන් පරිදි, Glocal Fair 2022 ආරම්භක දිනය වූ ඔක්තෝබර් 15 වැනිදා ඔවුන් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට අලුත් වෙනසක් එක්කළ සුවිශේෂ දිනයකි. විශේෂයෙන්ම, කලක් තිස්සේ ඔවුන් සිහින මැවූ විදෙස් රැකියා සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය නිසි මඟ කියාදුන් දිනය ලෙස එය ඔවුන්ගේ මතකයේ සදා රැඳී පවතිනු ඇතැයිද ඔවුන් පැවසුවේ සිය ප්රසාදාත්මක අදහස් අවංකව පළකරමිනි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් ඒකාබද්ධව ඉතා සැලසුම් සහගත අයුරින් සංවිධානය කරන ලද Glocal Fair 2022 පළමු දවස ඉතා සාර්ථකව අවසන් කිරීමට හැකිවූයේ බොහෝ පිරිසකගේ කැපවීම සහ සහයෝගය නිසාය. විශේෂයෙන්ම, විවිධ සේවා සහ උපදෙස් මෙන්ම විශේෂ පුහුණු සැසි ඉදිරිපත් කළ ආයතන සහ කණ්ඩායම් මෙන්ම විදෙස් රැකියා නියෝජිත ආයතන ඒ සඳහා සැපයූ දායකත්වය සුවිසල්ය. විදෙස් රැකියා සහ කම්කරු අමාත්‍යංශයේ සේවා ලබා ගැනීමට ගාල්ල සහ ඒ අවට බොහෝ පිරිසක් Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනට සහභාගි වූහ. විදේශ රැකියා අපේක්ෂාවෙන් පැමිණි තරුණ තරුණියන් හට සේවා සැපයීමට රැකියා නියෝජිත ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටියහ. සේවක අර්ථසාධක අරමුදලේ ගැටලු විසදා ගැනීමට දහසකට වැඩි පිරිසක් ආරම්භක දිනයේ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටියහ. එදින මුළු දවස පුරා, එනම් උදේ 9.00 සිට සවස 5.00 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී මේ සියලු සේවාවන් ලබා ගැනීමට හැකියාව සලසා තිබිණි. සහභාගි වූ තරුණ තරුණියන් ඇතුළු ප්‍රදේශවාසී සැමගේ සතුට සහ විනෝදය වෙනුවෙන් එදින සවස 7.00 සිට ෆ්ලෑෂ්බැක් සංගීත සන්ධ්‍යාවද පැවැත්විණි.
GLOCAL 2022 – Press Article 3
ඵලදායීතාවයට නිසි අගයක් එක්කළ Glocal Fair 2022 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පවත්වන ලද්දේ, දෙස් විදෙස් රැකියා ආශ්රිත ඉතා වැදගත් තොරතුරු සහ සේවාවන් රැසක් සැපයූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම රැකියා නියෝජිත ආයතන ගණනාවක සහභාගිත්වය සහ සහයෝගය ඇතිවය. Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනට සම්බන්ධ වූ මෙම සියලු පිරිස් අතර ජාතික ඵලදායිතා ආයතනයද විශේෂයෙන් කැපී පෙනිණි. එම ආයතනයේ මූලිකත්වය ඇතිව ගාල්ල ප්‍රදේශයේ ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවයක්ද සංවිධානය කර තිබිණි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ. Glocal Fair 2022 දෙවන සහ අවසන් දිනයේ සමාරම්භක කටයුතුවලින් අනතුරුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් රැස්ව සිටි පිරිස අමතා මෙසේ අදහස් පළ කළේය. “ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ආයතන 145ක් ජාතික ඵලදායිතා සම්මාන සහ සහතික ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබුණා. හරි වෙලාවේ හරි දේ හරි විදියට කිරීමයි ඵලදායීතාවය කියලා කියන්නේ. අපි පහුගිය දවස්වල කළේ ඒ දේ තමයි. ඵලදායීතාවයට තියෙන හොඳම උදාහරණයක් තමයි Glocal Fair 2022 ජංගම සේවය. අපි හරි වෙලාවේ දී හරි තීරණ අරගෙන හරි විදියට කටයුතු කරනවා නම් අපේ සහ රටේ ඵලදායීතාව විතරක් නෙවෙයි සංවර්ධනයත් ළගාකරගන්න පුළුවන්.” විවිධ කරුණු හේතුකොටගෙන අතිශයින් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාව වඩා ඵලදායී හෙට දවසක් වෙත රැගෙන යෑමේ වගකීම සහ යුතුකම දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් සහ විදෙස්ගත ශ්‍රමිකයින් ඇතුළු සියලුදෙනා විසින්ම වටහාගත යුතුව ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. වසංගත රෝග, ආර්ථික අර්බුද සහ සෙසු ගැටලු හමුවේ රටේ අනාගතය වෙනුවෙන් සමස්ත ජනතාව සියලු බේද පසෙක ලා එකට එක්ව කටයුතු කිරීමෙන් සැබෑ ඵලදායීත්වය ළඟාකර ගැනීමට හැකි වනු ඇතැයිද පැවසූ ඔහු වඩා ඵලදායී හෙටක් ගොඩනගන්නට එකා සේ එක්වෙමු යැයි ඉල්ලීමක්ද කළේය.
GLOCAL 2022 – Press Article 2
තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනයට පණ දුන් Glocal Fair 2022 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ගාල්ල සහ අවට ප්‍රදේශවාසී සැමට දෙස් විදෙස් රැකියා ආශ්රිත ඉතා වැදගත් තොරතුරු සහ සේවාවන් රැසක් සැපයීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම රැකියා නියෝජිත ආයතන ගණනාවක් ගාල්ලේ පැවති මෙම Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහනට එක්ව සිටි අතර, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට වැදගත් උසස් අධ්‍යාපන අවස්ථා, වෘත්තීය පුහුණු සැසි සහ අනාගත රැකියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීම් වැඩසටහන් පෙළක්ද මේ දෙදින පුරා සමනල ක්‍රීඩාංගනයේදී ඉදිරිපත් කෙරිණි. වැඩසටහනට සහභාගි වූ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර තරුණ තරුණියන් විශාල පිරිසක්ද ඉතා උද්යෝගයෙන් සහ උනන්දුවෙන් ඔවුන්ට වැදගත් අධ්‍යාපන සහ පුහුණු සැසි සඳහා සම්බන්ධව සිටියහ. විශේෂ වශයෙන් තරුණ පරපුර වෙනුවෙන්ම සැලසුම් කරන ලද අනාගත රැකියා ඉඩප්රස්ථා පිළිබඳ දැනුවත් කිරීම් සහ පුහුණු සැසි Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන තුළ විශේෂයෙන් කැපී පෙනිණි. එහිදී තරුණ ප්‍රජාවට අවශ්‍ය නිසි මඟපෙන්වීම, දැනුම, පුහුණුව සහ මාර්ගෝපදේශකත්වය සැපයීමට පිළිගත් ආයතන සහ සංවිධාන රැසක් ඉදිරිපත්ව සිටිනු දක්නට ලැබිණි. එසේම, විදෙස් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් වැඩසටහනට සහභාගි වීමට පැමිණි සිටි තරුණ පිරිස් සඳහා අවශ්‍ය සවිස්තරාත්මක උපදෙස් සහ විදෙස් රැකියා පිළිබඳ තොරතුරු ලබාදීමට විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් දැඩි කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරමින් Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සාර්ථක කරගැනීමට වැදගත් දායකත්වයක් සැපයීම බොහෝ පිරිසකගේ අවධානයට සහ පැසසුමට පාත්‍ර විය. තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනයට පණ දීමට Glocal Fair 2022 ජංගම සේවය සමග සම්බන්ධ වූ විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් විශේෂ ඇගයීම් සහතිකයක් ලබාදීමටද කටයුතු සැලසුම් කර තිබිණි. ඒ ඔවුන් විසින් තරුණ තරුණියන් වෙනුවෙන් මෙන්ම Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඉටුකළ මෙහෙය අගය කිරීමක් ලෙසය. ගෙවී ගිය වසරේ ඔක්තෝබර් 15 සහ 16 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති Glocal Fair 2022 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ජංගම සේවයේ සාර්ථකත්වය පසුපස සිටි ප්‍රධාන පාර්ශ්වයක් ලෙස මෙකී විදේශ රැකියා නියෝජිත ආයතන කැපීපෙනිණි. දෙස් විදෙස් රැකියා, කම්කරු ගැටලු ආශ්රිත සේවා සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු විවිධ සේවාවන්, උපදෙස් සහ පහසුකම් රැසක් දිවයින පුරා රැගෙන යන Glocal Fair ජංගම සේවයේ ආරම්භක පියවර සඳහා එක් ව සිටි විදෙස් රැකියා නියෝජිත ආයතන ගණන තිස් අටකි. ඔක්තෝබර් 15 සහ 16 දින දෙක තුළ පමණක් විදෙස් රැකියාවක් සදහා යොමුවීමේ මූලික සුදුසුකම් සහිත අයදුම්කරුවන් දසදහසක් ඔවුන් විසින් හදුනාගෙන තිබිණි. ඒ අයදුම්කරුවන් විදෙස් රැකියාවන් සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බවත් ඔවුන් විසින් තහවුරු කර තිබේ.
GLOCAL 2022 – Press Article 1
විදෙස්රැකියා අවස්ථා සහ කම්කරු ගැටලු සඳහා විසඳුම්ඇතුළු සේවාවන්රැ සක්රැගෙන Glocal Fair 2022 ගාලුපුරයෙන්ගමන්අරඹයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමාගේ අධීක්ෂණය යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව සංවිධානය කළ Glocal Fair 2022 ජංගම සේවා වැඩසටහන 2022 ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී දැවැන්ත ජනතා සහභාගිත්වයක් සහිතව පැවැත්විණි. දේශීය සහ විදේශීය රැකියා අපේක්ෂිතයන් මෙන්ම විදේශ රැකියා අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන වෙතින් විවිධ සේවා ඉටුකර ගැනීමටද විශාල පිරිසක් එම දෙදින පුරා සමනල ක්‍රීඩාංගනය වෙත පැමිණියහ. කම්කරු සේවා ගැටලු හා විදේශ රැකියා අවස්ථා මෙන්ම තරුණ පිරිස් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පිළිබඳ දැනුවත්කිරීම්ද මෙම වැඩසටහනට ඇතුළත්ව තිබිණි. සහභාගි වූ පිරිස් වෙත විවිධ සේවා, උපදෙස් සහ පහසුකම් ලබාදීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම විදෙස් රැකියා නියෝජිත ආයතන ගණනාවක්ද Glocal Fair 2022 සමඟ එක්ව සිටීම විශේෂ කරුණකි. Glocal Fair 2022 යනු රට පුරා විසිරී සිටින විවිධ ජන කොටස් සඳහා අවශ්‍ය වන දෙස් විදෙස් රැකියා පිළිබඳ තොරතුරු හා සේවාවන් ගමින් ගමට රැගෙන යමින් වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් ඔවුන්ට සේවය සැපයීමට රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහන් මාලාවක ආරම්භක පියවරයි. ගාල්ලෙන් ගමන් අරඹන Glocal Fair වැඩසටහන් මාලාව දිවයින පුරා පළාතෙන් පළාතට ගමන් කරන ජංගම සේවාවක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. Glocal Fair 2022 සමාරම්භක උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රීක්කයේ විගමණික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්රදානය කිරීමටත් කටයුතු කෙරිණි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින් සමත් දූදරුවන් වෙත මෙම ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ පිරිනමනු ලැබිණි. එහිදී පාසල් දරුවන් 108 දෙනකුට ශිෂ්‍යත්ව සහ දරුවන් 124 දෙෙනකුට පාසල් උපකරණ ලබදීමට හැකි විය. එසේම, විදෙස් රැකියාවන්හි නිරතව සිට මෙරටට පැමිණි විගමණිකයන් 28 දෙනකුට ස්වයං රැකියා ආධාර ලබා දීමටත්, ජපානයේ තාක්ෂණික පුහුණුව අවසන් කර පැමිණි පුහුණු ලාභීන් හතර දෙෙනකුට ප්රතිලාභ ලබා දීමද එහිදී සිදු කෙරිණි. Glocal Fair 2022 සමාරම්භක උත්සවයේදී, පැමිණ සිටි පිරිස් අමතමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා සඳහන් කළේ අතිශය අභියෝගාත්මක කාල වකවානුවක මෙරට ජනතාවට අත්වැලක් සැපයිය හැකි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය: “ලබන වසරේ ලෝක අවපාතයක සලකුණු තියෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ දුප්පත්ම ජනතාව දැඩිලෙස පීඩාවට පත්වෙනවා කියන එක මෙවර වොෂින්ටන් වාර්ෂික රැස්වීමේ සමාරම්භයේදීම සඳහන් වෙලා තියෙනවා. මේ තමයි අපි ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට දැනට මුහුණ දෙන්නට වගේම ඉදිරියට මුහුණ දෙන්න වෙලා තිබෙන තත්ත්වය. පසුගිය වසරෙදිත් ඔවුන් මේ ගැන පූර්ව මතයන් පළකළා. ඒ වන විටත් එවකට පැවති දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ වගේම ගනු ලැබූ වැරදි තීරණ ඉතා ඉක්මනින් අපිව රටක් ලෙස ආර්ථික අවපාතයකට ගෙනයන බව අපි මුල සිටම දැක්කා. අපි ඒ වෙනුවෙන් ඒ වන විටත් දිගින් දිගටම හඩ නැගුවා. මේ යන විදියට ගියොත් අපි බංකොලොත් රටක් වෙනවා කියලා දිගින් දිගට මං ප්‍රකාශ කළා. ඒ වගේම රට වෙනුවෙන් අපි එකාවන්ව එකතුව වැඩ කරන්නට ඕන බවත් අපි දිගින් දිගටම කියාසිටියා.” සාමූහික හැඟීමෙන් යුතුව කටයුතු කරමින් දැඩි දුෂ්කරතා මධ්‍යයයේ යුවද ගෙවීගිය කාලය පුරා මෙරට කම්කරු හා විදේශ රැකියා ක්ෂේත්රය ආශ්රිත සංවර්ධන කටයුතු රැසක් දියත් කිරීමට කටයුතු සැලසුම් කළ හැකි වූ බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, ගුවන්තොටුපොලේදීි ලබාදෙන තීරු බදු සහන ඉහළ දැමීමට කටයුතු සැලසුම් කිරීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සුබසිද්ධිය උදෙසා මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සැලසුම් කිරීම, රැකියා සඳහා විදෙස්ගත වන සහ විදෙස් රැකියාවල නියුතුව සිට ආපසු මෙරටට එන සැමට විශේෂ සැලකිල්ල සහිත පහසු හා කඩිනම් සේවාවන් සලසන ප්‍රවේශ දොරටුවක් ලෙස හෝප් ගේට් විදෙස් සේවා VIP පිවිසුම හඳුන්වාදීම, විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවට සහන පොලියට බැංකු ණය සැලසුම් කිරීම වැනි කටයුතු රැසක් මේ වනවිටත් සකසා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.